History

ක්‍රි.ව. 1885 දී කුරීවෙල විදුහල නමින් හැඳින්වූ මෙම පාසල ප්‍රදේශවාසී ප්‍රභූවරෙයකු වූ වෑගඩපොල මහතාගේ ඉඩම් පරිත්‍යාගයෙන් ආරම්බ කරන ලදී. එවකට ගුරුවරු දෙදෙනකු හා සිසුන් 26 දෙනකුගෙන් යුක්ත වූ අතර මුල්ම විදුහල්පති වරයා වූයේ විජේතිලක මහතය.

එකල එක් ගොඩනැගිල්ලකින් ආරම්භ වූ මෙම පාසලෙහි සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ යන සෑම ජන වර්ගයකම සිසුහු අධ්‍යාපනය ලැබූහ. මුලින් ප්‍රාථමික පාසලක් සේ අරඹා ක්‍රමයන් වර්ධනය වෙමින් ආ මෙම පාසල 1976 වර්ශයේදී මහා විද්‍යාලක් බවට පත්වීම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් බවට පත් වූ අතර, 1993 දී උසස් පෙල වාණිජ අංශයද මෙහි ආරම්බ කරන ලදී.

දැනට වසර 129ක් තරම් දිගු ඉතිහාසයකට හිමිකම් ලබන මෙම විදුහලේ අධ්‍යාපනය ලැබූ ආදි සිසුන් දිවයිනේ විවිධ කේෂත්‍රයන්හි සේවය කරන අතර, සරසවි අධ්‍යාපනය දිනාගත්තෝ විශාල ප්‍රමානයකි. වර්තමානයේ මෙම පාසල නවෝද්‍යා පාසලක් වන අතර සිසුන් 1500ක් පමන සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර, මෙහි සේවය කරන ගුරු මණ්ඩලය 50කට අාසන්න වේ.
Read More

Our School Anthem

ශ්‍රී නාමය කිතු අඹරේ දිලේවා
කුරීවෙල මහ විදුහල් මාතා..............//

දෑ අනුරාගය ජාතක සමගිය
විමුක‌්තියේ ජය මාවත හෙලිකළ
කුරීවෙල මහ විදුහල් මාතා..............//

ශ්‍රී නාමය.........................

කලාශිල්ප විදුනැණ බල සාදා
ජීවිත ගමනට හුරුකම් පාදා..............//
යුක්තිය ශක්තිය ජය දඳ නංවා
විනීත ගති හද බැඳ ඔප නංවා

ශ්‍රී නාමය.........................

සාමය සම්පත සොම්නස රැන්දු
බැතිබර හදකින් සරසවි කැන්දූ........//
විදුහල් මාතා ඔබ නාමේ
බැබලේවා ඔබ ශ්‍රී නමේ..................//